Thursday, October 29, 2015

ශේෂය..

මා තනිවම මෙතන සිටගෙන..
මේ මගේ හදවතත් සමග..
ඒත් එය ඈත් වී ගියේ නැහැ..
නමුත් මම හැරී බලද්දී..
ආ මග දෙස..
ඔබේ වෙනස්වීමට හේතුව කුමක්දැයි මට නොපෙනේ..
මම කොතරම් උත්සාහ කලත් එක් සීමාවක් තුල හිද..
තාමත් මගේ හිතට නැගෙන එක ප්‍රශ්නයක් ඇත..
බොහෝ පාරවල් තිබුනත් ගමන් කිරීමට..
සමහර ඒවායින් සතුටත්..
සමහර ඒවායින් දුකත්..
හැම කෙනෙක්ටම යන පාර වැරදිය හැක..
දැන් මම පැවසුවොත් ආපසු යා හැකි බව..
පටන් ගත තැනටම..
ඔබ ඒ අවස්ථාව ගෙන වෙනස් කරනවාද සියල්ල ?
ඔබ හිතනවා නම් එය කල හැකි කියාලා..
ඔබ ප්‍රර්ථනා කරනවා නම් මම ඔබ හැර නොයයි කියාලා..
මෙය නිවැරදි වෙලාව ඔබට එය සිදු කරන්න..
නැවත නතර කල තැනින් හෝ පටන් ගැන්මට..
කිමද ?
මා කොතරම් උත්සාහ කලත්..
මගේ සිමාවෙන් පිටට යාමට නොහැකි..
නමුත්..
තාමත් එක ප්‍රශ්නයක් මගේ මනසේ හොල්මන් කරයි..
එදා මම ඔබට යන්න නුදුන්නානම්..
අදටත් ඔබ මා සමග නේද ?
මම ඔබෙන් ඈතට ඇවිද නොගියා නම්..
මම තවමත් ඔබට ආදරේ කරනවා නේද ?
මා නැවතී සිටියත්.. ඔබ උත්සහ කලත්..
කාලය ආපසු හැරවීමට..
එත් මම හිතන්නේ..
අපි එය කවදාවත්ම දැන නොගනිවී..
කවදාවත්ම..


by VimarshanaS

No comments:

Post a Comment