Sunday, October 18, 2015

බහ්ව්.. බහ්ව්..

මට කිසිම විටක අවශ්‍ය නැහැ..
ඔබ මට අවන්කවම ආදරය කල යුතු බව..
නමුත් මම අනිවාර්යයෙන්ම ඔබේ අණ පිලිපදිනවා..
මම දන්නේ නැහැ ආරම්භය කොතැනද කියා..
ඔබේ සහ මගේ..
නමුත් මට අවශ්‍ය හැමදාමත් ඔබත් සමග සිටින්නට..
ඔබ කීවත් මාව දකින්න අවශ්‍ය නැහැ කියා..
මා ඔබ වෙනුවෙන් හැමදාමත් බලාන සිටිනවා..
මට අවශ්‍ය කරපටිය පමණයි..
මා ඔබට අයිති බවට ඔබ මට පළදන..
ඔබ බොහෝ විට රගපානවා..
මා ඔබට සිටින එකම කරදරකාරයා ලෙස..
කොතරම් කාලයක් ගත වුනත්..
හගවනවා මට මා වැනි අන් අයෙකු හමුනොවන බව..
ඔබ මා හා ඈතට අවිදන් යන විට..
මට දැනෙනවා..
අපි දෙදෙනා කොතරම් එකිනෙකාට සමීපද බව..
මම කියන්නේ "බහ්ව් බහ්ව්" කියලයි ඔව් වෙනුවට..
ඒය ප්‍රශ්නයක් නොවේ කිසිවිටෙකත්..
ඔබ මගේ හාම්පුතා ලෙස මට දැනෙන ආඩම්බරය..
මට ඇති මගේ මුලු ජීවිත කාලෙටම..
ඒ ඔබ මා තොරාගත් දා ඔබේ සුරතලා හැටියට..
මගේ හදවත මා ඔබට පිදූ නිසා..


by VimarshanaS

No comments:

Post a Comment