ඇවිදගෙන ගියෙමි වීදිය දිගේ දුර ඈතට
දැක්කා කුඩා දරුවෙකු දිව යන..
ඔහු පසුපස ලුහුබැද යන පොලිස් රැළ
විපරම් කර බැලුවෙමි මේ කිමද..
රෑ මනමාලියෙකි මව ඇගේ රැකියාවෙන්
දහවල නිදති රෑ ඇහැරෙති..
බඩගිනිය දරුවට මව නිදි අතරේ
හිස හැරුණු අත දරුවා ඇවිදින..
අහල පහල නිවසක අදුරන මිනිසා
කෑමක් දී දරුවට යමක් දුනි..
පුතේ උඹ ඕක පාලම ළගට
ගෙනියපන් ඇති කෙනෙකුන් එතන..
රැගෙන ගියෙමි පාලම වෙත පාර්සලේ
අනිකෙකු නොමැත පොලිසිය ඇත බලාගෙන..
අල්ලපිය ඕකා තමා එකා
බිය වූ දරුවා දුවමින් පලා යන..
පොලිසිය පන්නාවි පොඩි එකා පිටුපස
අනේ අපොයි කියයි ගෑනුන් වටපිට..
සිදු වූ දෙය වැටහුණි මට නීමේෂෙට
දැක්කා නොදැක්කා මෙන් දිගටම ගියෙමි මම..
by VimarshanaS
දැක්කා කුඩා දරුවෙකු දිව යන..
ඔහු පසුපස ලුහුබැද යන පොලිස් රැළ
විපරම් කර බැලුවෙමි මේ කිමද..
රෑ මනමාලියෙකි මව ඇගේ රැකියාවෙන්
දහවල නිදති රෑ ඇහැරෙති..
බඩගිනිය දරුවට මව නිදි අතරේ
හිස හැරුණු අත දරුවා ඇවිදින..
අහල පහල නිවසක අදුරන මිනිසා
කෑමක් දී දරුවට යමක් දුනි..
පුතේ උඹ ඕක පාලම ළගට
ගෙනියපන් ඇති කෙනෙකුන් එතන..
රැගෙන ගියෙමි පාලම වෙත පාර්සලේ
අනිකෙකු නොමැත පොලිසිය ඇත බලාගෙන..
අල්ලපිය ඕකා තමා එකා
බිය වූ දරුවා දුවමින් පලා යන..
පොලිසිය පන්නාවි පොඩි එකා පිටුපස
අනේ අපොයි කියයි ගෑනුන් වටපිට..
සිදු වූ දෙය වැටහුණි මට නීමේෂෙට
දැක්කා නොදැක්කා මෙන් දිගටම ගියෙමි මම..
by VimarshanaS
