Wednesday, October 14, 2015

ඉලක්කය..

ඔබට මොනවද කරන්න ඕනේ ?
ඔබට කවුරුන්ද වෙන්න ඕනේ ?
මොකක්ද ඔබේ ජීවිතේ තේරුම ?

ඔයාට කවුද වෙන්න ඕනේ..
ඔයාට මොනවද කරන්න ඕනේ..
ඒ මොන දේ වුනත් ඔබට කල හැකි..
ඔයාට කොහෙද යන්න ඕනේ..
ඔයාට කොතනද ඉන්න ඕනේ..
ඔයාට යන්න ඕනෙ ඉහලම තැනට යතහැකි..
විශ්වාස කරන්න ඔබ..
ඔබ ගැනම..
කොතරම් ඈතකට ඔබට යාමට සිදු වුවත්..
ඉදිරියට තැබූ පියවර නැවත ආපස්සට ගන්න එපා..
කොතරම් අපහසු පැටලිලි අති මාර්ගයක යාමට සිදු වුවත්..
මම ඒ හැම මොහොතකම ඔබත් සමගම සිටිනවා..
ඔබට මා අවශ්‍ය වන මොහොතේ මෙන්ම ඔබට මා අනවශ්‍ය මොහොතේදීත්..
ඔබ වෙනුවෙන්ම..
බලාපොරොත්තුවක් අතැතිව..
විටෙක මා ඔබට බොහෝ ඈතින් සිටියත්..
අපේ බැදීම කිසිදා නැති වන්නේ නැහැ..
ඉතින්.. නතර වෙන්න එපා..
මම අවසානය තෙක්ම ඔබ සමගින් සිටිනවා..
ඔබ තමා හුදෙකලාම පුද්ගලයා..
ඔබ තමා එකම කෙනා..
පාලු අහසක පායා ඇති තනි තරුවක් මෙන් වන..
නමුත් මම තමයි ඔබේ ලොවට එලිය විහිදුවන එකම කෙනා..
මම ඔබව විශ්වාස කරනවා..
ඒ නිසා ඔබ..
ඔබ ගැන විශ්වාසය තබන්න..
සමහර විට ඔබ පොහොසත් විය හැක..
තවත් විටෙක ඔබ දුප්පත් විය හැක..
ඔබේ ජීවිතයේ කිසිම දෙයක්..
ඔබේ සිතට දැනෙන බයාදු හැගීම් වලට නැති කරන්න දෙන්න එපා..
ඔබ කල යුතු එකම දේ ඔබව විශ්වාස කිරීමයි..
මොකද මම ඔබ වෙනුවෙන් හැමදාමත් සිටින නිසා..



by VimarshanaS

No comments:

Post a Comment