Thursday, October 15, 2015

මතකය..

ඉඩ දෙන්න මට ගයන්න ඒ දුක්බර ගීතය..
අපි දෙදෙනා හැම වෙලාවෙම සවන් දුන්..
මට හැගෙන්නේ කොහේ හෝ හිද..
අපි දෙදෙනාම එකම ශෝක ගීය ගයන බව..
මම ඔබ ගැන සිතන ලෙසම ඔබ මා ගැන සිතනවාද ?
මා වෙනුවෙන් ඔබ කිසි විටෙක කදුළු සලා තිබෙනවාද ?
නැවතත් ඒ දුක්බර ගීය ගයනවාද ?
මේ දැන් මම ගයනවා වගේ..
මා ගයන්නේ එය මගේ හදවත බිදුනු නිසා..
මා දන්නා එකම දුක් ගීය..
මා ගයන්නේ එය මට ඔබව අමතක කල නොහැකි නිසා..
හැම දේම අහවර නමුත්..
අතීතයට සමු දී ඉදිරියට ගියත්..
මේ දුක් ගීයත් එක්ක..
මම තවමත් ඔබේ නම මුමුනනවා..
මම සිතුවත් සියල්ල අවසන් කියා..
ඒත් ඇයි එය මේ තරම් අපහසු..
මොනවා වුනත් මම තවමත් මේ ගීය ගයමින්..
නැවතත් ඔබ ගැනම සිතනවා..
ඔබේ නම තවමත් මුමුනනවා..


by VimarshanaS

No comments:

Post a Comment