Thursday, June 11, 2015

මම..

සීතල සුළගක් හමා යද්දී වලාකුළු අළු පාටින් බර වෙද්දී " දැන් නම් වහින්න එන්න හදන්නේ " කියා නොසිතෙන කෙනෙක් නොමැති තරම්ය. නමුත්එදා හැමෝටම එහෙම සිතුනාට සැක නැත. වැස්සක ලකුණු පෙන්නුවද වැස්සක් ඇද නොහැලුනේ වාසනාවට මෙනි.

අතිරේක පන්තියත් නොමැති බැවින් පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියේ නිකමට වාගේය. ඒ යන අතර මග නෙත ගැටුන දසුනක් හේතුවෙන් මගේ මතකය අතීතයට ගිය බව නම් නොරහසකි. කුඩා ළමුන් පිරිසක් එහෙ මෙහෙ දුව පනිමින් සෙල්ලම් කරමින් සිටි. පෙනුමට නම් ඔවුන් හය වසරේ හෝ හත වසරේ විය යුතුය. හැමදෙනේකුගේම ළමා කාලය මේ තරම් සුන්දර නැත. ළමා කාලයේ යහළුවන් පිරිවර ගෙන සෙල්ලම් කරන ළමුන් දුටුවිට අදටත් කියා ගත නොහැකි තරමේ දුකක් මගේ හිතට නැගෙන්නේ අතීතය තවමත් මගේ ආත්මය තුල හොල්මන් කරන නිසා විය යුතුය. එකල පන්තියේ බොහෝ දෙනෙකු සිටියද ඉන් එකෙකුදු මගේ යහළුවෙක් නොවිය. අදටත් මට ඇති එකම දුර්වල කම නම් යහළුවන් නැති  කමින් මිනිසුන් හා කතා නොකර මුළු ගැසී සිටීමට පුරුදු වූ පුරුද්ද ඇත අර ගත නොහැකි වීමයි. 

කෙසේ නමුදු මා දැන් සිටින තත්වය ගැන මට සැහීමකට පත්විය හැකිද නැද්ද මට තවමත් නොතේරේ. මට මගේ පාසල් ජීවිතය පිලිකුල්ය. මගේ අනාගතය කෙබදු වේ දී මට  නොහැක. නමුත් මේ මොහොතේ ජිවත්වනවා ඇරෙන්නට මට වෙන විසදුමක්ද නොපෙනේ...     


by VimarshanaS    

රණවිරුවෝ...


රට රකින්නට පෙරට ඇදෙනා විරුවනේ ඔබේ සිත් තුලින්...
නැග එනා සෝ සුසුම් දුක් ගිනි නිවන්නට බැ දිය පොදින්...
සමගියක් නැත මිරිගුවක් එය පවසන මිනිසුන් මතින්...
සුපුන් සද විලසින් දිලි ඔබ නැග එන්න මවු බිම මතින්...


by VimarshanaS