Thursday, October 15, 2015

ආදරය..

පියවරෙන් පියවර මම ඈතට ඇවිදන් ගියා..
නමුත් ඒ හැම මොහොතකම ඔබ මා ලුහුබැඳ ආවා..
ඔබේ මුවින් යන්තම් නගන සිනහව..
මට මගේ හැම දේම වාගෙ වුනා..
කමක් නැහැ මට ඔබ අසලට පැමිණීමට නොහැකි වුනත්..
කමක් නැහැ මට ඔබව ලබා ගැනීමට නොහැකි වුනත්..
ඔබ මේ මොහොතේ සිටින ලෙසටම..
සැමදා ඔබට සිටිය හැකිනම්..
මේ වගේ මට ඔබව හැමදා මතක් වේවි..
මේ වගේ මට කිසිවක් සිදුකල නොහැකි වේවි..
මාගේ තනියට මතකය පමණක් ඉතිරි වේවි..
නමුත් මට ඔබ සිතන දේ තෙරුම් ගත නොහැකි නම්..
මට ඔබ දෙස ඕනෑකමින් බලා සිටිය නොහැකි නම්..
මා සතු සියල්ල දිනෙක ඔබ හට ලබා දුන්නේ නම්..
සිතිය නොහැක අවසන් වේවී යැයි මෙය කිසි දින..
මේ වෙන්න ඇති ආදරය..
මට මේ වෙලාවේ සිතට හැගෙන හැගීම..
මේ වෙන්න ඇති ආදරය..
එනමුත් මට මහ අඩුපාඩුවක් මෙන් දැනෙන..
මම මගේ ඇස් තදින් පියා ගත්තත්..
මගේ ඇස් තදින් තද කරත්..
මට ඔබ ගැන මැවී පෙනෙනෙ අමුතු හැගීම..


by VimarshanaS

No comments:

Post a Comment