Thursday, October 8, 2015

අහස..

අහ්.. හා.. පුදුම ලස්සනක්.. අද නම් අහස හරිම පැහදිලියි. පිදුම ලස්සනක් තියෙන්නේ. මම දන් නැහැ මම ඇයි අහසට මෙච්චර කැමති කියලා. නමුත් මම අහසට වගේ වෙන කිසිම දේකට කැමති නැහැ කියන එක නම් මට පහදිලිව කියතැහැකි. නිල් පාටට බබළන අහස දිහා බලන් ඉන්න තියෙනවා නම් මට ඊට වඩා දෙයක් ඕනෙ වෙයි කියලා නම් හිතන්න අමාරුයි. ඒ තරමට මම මේ අහසට ආදරෙයි. මම කැමති ආදරය කියන වචනෙටත්. මම මගේ යාළුවන්ට, අහසට, මේ පාටට, මගේ ගෙදර අයට මේ හමෝටම ආදරෙයි.
ෂ්..ස්..ෂ්..ස්..
මොකක්ද ඒ අහෙන සද්දේ. මහා අමුතු සද්දයක්. මොකාක් හරි දෙයක් ගොඩාක් ඈත ඉදලා බිමට වටෙනවා වගේ. හේ හේ.. අර සද්දේ.. ලග ලගම අහෙනවා.. මේ සද්දෙ නම්.. අහ් මගේ පොත.. ඒක බිම වටුනා.. කවුද මේ මගේ ඉස්සරහට එක පාරටම ආපු කෙනා. මීට කලින් දැකලා තියෙන කෙනෙක් නම් නෙමේ...
ආ ඔයාගෙ පොත..
ස්තූතී..
පරිස්සමින්..
හ්ම්.. අහ් අර සද්දේ.. ඒක එයා අවිදින කොටයි අහෙන්නේ.. මේ සමාවෙන්න මම... ඔහ් එයා ගිහින්.. මෙච්චර ඉක්මනට කොහෙට ගියාද මන්ද.. හ්ම්...

අම්මේ.. මම එලියට යනවා..
මොකටද..
අහස බලන්න..
මේ රෑ..?
අනේ අම්මේ..
හ්ම්.. හ්ම්.. බලාගෙන..
හාකෝ අම්මේ..
අන්න මන් දිහා බලන් ඉන්නවා. මන් ඔයාව බලන්න ආවෙ අහස. මන් කොහෙට ගියත් කොහොම ගියත් අහස මන් දිහා බලන එක නතර කරන් නැහැ. කවදාවත් අහස මට තීන අවදානය අඩු කරන් නැහැ. ඒකයි මම මේ තරම් අහසට ආදරේ..
අන්න තරුවක්.. ඒක කඩාගෙන වැටෙනවා.. හ්ම්.. සද්දයක් එක්ක.. ආ.. මේ සද්දෙ මම මීට කලින් අහලා තියෙනවා.. කඩා වටෙන තරුවකට මේ වගේ සද්දයක් තියෙනවා නම්.. අහ් ඒ අර කෙනා. මම අද උදේ දැක්ක. ඒ මේ තරුවෙන් අහෙන සද්දෙමයි.
දුව.. දැන් අති.. ගෙට එන්න. මේ මහා රෑ පිට්ටනියට ගිහින් තරු බලන්න ඔය ළමයට පිස්සුද..?
මේ එනවා අම්මා..
එහ්.. අනේ සමාවෙන්න මන් දැක්කෙ නැහැ ඔයා එනවා. වැරදීමකින් අගේ හැප්පුනේ..
හ්ම්.. ඔයාට ඔයිට වඩා පරිස්සම් වෙන්න බැරිද..
මේ.. මේ.. අර උදේ දැක්ක කෙනා නේ.. එයා මොනාද මෙහෙ කරන්නේ.. අනේ මන්ද අහන්නත් බයයි. කවුද දන්නෙත් නැහැනෙ.
මොනාද මගේ මුණ දිහා බලන් ඔයා ඔච්චර හිතන්නෙ..?
නැහැ..
ගෙදරට යන්න..
හ්ම්..
අහ් මෙන්න මෙයා හිනා වුනා.. ලස්සන හිනාවක් තියෙන්නෙ.. අපෝ ඒ හිනාව තත්පර දෙකක් වත් නැහැ..
මේ..... ඔයා මෙතනට ආවෙත් අහස බලන්නද..?
මොකක්..? ඔයා මාව දන්නෙ නැද්ද?
මට සමාවෙන්න. මන් ඔයාව දන්නෙ නැහැ.
අහ් ආයිත් හිනා වුනා..
එහෙනම් මේ ගැන කාටවත් කියන්න එපා.. මම යනවා.
හ්ම්.. ඔයා හෙටත් එනවා නේද මෙතනට අහස බලන්න ?
උත්තරයක් නැහැ. මන් දන්නෙ නම් නැහැ එයා ඒ කිවුව දේ තේරුම. ඒත් මන් කාටවත් කියන් නැහැ..

ඇයි ඉස්කෝලේ මෙච්චර ළමයි අඩු අද. හෙට නිවාඩු නිසාද දන් නැහැ. ලා..ලාලලා..හ්ම්..හ්ම්..ලාලලා..
. කවුරු හරි වයිලීන් එකක් ගහනවා. හ්ම්..ලා ලා ලා.. හරිම නිදහස්.. කවුරුත් නැහැ. කැරකිලා බලන්න ඕනේ.. ලාලලා.. ආහ්.. වටුනා.. ආහ්.. මගෙ කකුල. මට නගිටින්න බැහැ.. ඇයි වයිලීන් සද්දේ එක පාරටම නැවතුනේ. බ්ක්ස්.. කවුද බොලේ මේ එක පාරට උඩ ඉදන් මගේ ඉස්සරහට පැන්නෙ ? මේ එයා.. එයා තමයි.. එයා කොහොමද හරියටම මේ වෙලේ මෙතන ඉන්නේ..
අහ්.. එයි මොනාද ඔයා කරන්නේ.. මාව බිමින් තියන්න. මම යන්නම්. අයියෝ..
කට වහා ගන්නවා..
අහ්.. හ්ම්..
මම මොකුත් නොකියා නිශ්ෂබ්ද වුනා. එයා මාව ප්‍රථමාධාර කාමරේ මිස්ට බාරදීලා ගියා. මිස් මන් දිහා මහා අමුතු විදියට බැලුවා..
ඔය ළමයා කොහොමද අරුණෝදව දන්නෙ?
කවුද අරුණෝද?
මොනවා? මේ ලොකෙද ළමයො ඉන්නෙ? මුලු ඉස්කෝලේම අය දන්නවා අරුණෝදව. හරි කමක් නැහැ. දැන් අර ඔය ළමයව ගෙනාපු කෙනා තමයි අරුණෝද. ඔය ළමයා වඩිය එයා එක්ක කතාවට හෙම යන්න එපා. ඔයාගේ හොදටයි මම මේ කියන්නේ.
ඇයි මිස් ඒ ?
ඒ ළමයා ගැන මහා නරක ආරන්චි තියෙන්නේ. කාටවත් කිසි ගරු සරුවක් නැහැ. හැම වෙලේම ඔරවගෙන ඉන්නෙත්. ඒ ළමයා සා/පෙළ ලියද්දි ඉස්කෝලෙ හිටපු ශිෂ්‍ය නායකයො පස් දෙනෙක් ඉස්පිරිතාලෙ නතර කරන්න වෙන තරමට ඒ පස් දෙනාටම ගහල තිබුනා. මේ ළගකදි ඉදලා රෑට බයිසිකල් පදින කල්ලියක් එක්ක රවුම් ගහනවා ඉස්කොලේ ගෝඩාක් අය දැකලා තියෙනවා. එ නිසා ඔය ළමයා ඒ ළමයා එක්ක ආස්සරේට යනවා එහෙම නෙමේ.
හ්ම්.. හොදයි මිස්.
මේ මොකක්ද මේ ? අහ්හ් බෙල් එකක්. මේක කොහොමද මෙතනට ආවේ ?
අර ලස්සන සද්දේ.. ඒක එන්නේ මේ බෙල් එකෙන්. ඒ කියන්නේ මාව අරලවපු කෙනාගේ අතින් මේක වැටිලා. හ්ම්..
එයාව හම්බවුන දවසක ගිහින් දෙනවා.

අම්මා  මම තරු බලන්න එලියට යනවා.
ආපහු ? මේ මහා රෑ එලියට යන්න පිස්සුද ළමයෝ ?
අනේ අම්මේ..
ආ හරි ඉක්මනට එන්න.
හොදයි.. අර ළමයත් එයිද දැන් නැහැ. එත් ඊයේ කිසි උත්තරයක් දුන් නැහැනේ. කමක් නැහැ. කෝකටත් ගිහින් බලමු. අහ්හ් අර ඉන්නේ ඒයි.. ඒයි..
මොකද ?
ඔයා ආවද ? මන් හිතුවේ නැහැ ඒත් ඔයා එයි කියල.
ඔයාට බය නැද්ද ?
ඒ ඇයි ?
ඒ ඇයි කියලා අහන්නේ ? මිස් මුකුත් කිවුවේ නැද්ද මන් ගැන ?
කිවුවා..
එහෙනම් ආවේ ?
හි.. හි..
හැබැයි දැන් ඔයා ආවේ ඔයාගේ කැමැත්තෙන්. මන් ඔයාට මුකුත් කලොත් ඒවාට මට බැනගෙන එන්න එපා.
හරි.
අහ අන්න කඩා වැටෙන තරුවක්. බලනවා ඉක්මනට..
හරී..
හ්ම්.
එක නෙමේ අරුණෝද ඔයාගේද මේ බෙල් එක ?
ඔයාට කොහෙන්ද එක ?
උදේ ඔයා යද්දී වැටිලා තිබුනා.
ස්තුති.
මේක කාගේද ?
මගේ අම්මගේ.
ඔයාගේ අම්මා....
මැරිලා.
එහ් එතකොට තාත්තා ?
එහෙම කෙනෙක් මට නැහැ.
ඔයා දැන් ඉන්නේ කොහෙද ?
මාමත් එක්ක.
එයා මොනවා කරන කෙනෙක්ද ?
බයිසිකල් හදන කෙනෙක්.
ආ.. එයාද එතකොට බයිසිකල් වලින් එන අය ඔයාව හම්බවෙන්න.
ඔව්. එයා බයිසිකල් පදින්න කැමති. ඉතින් එයා වැඩ ඇරිලා රෑට යාළුවො එක්ක බයිසිකල් පදිනවා. සමහර දාට මමත් යනවා.
ආ.. එකයි එහෙනම් ?
මොකක්ද ?
නෑ.. මුකුත් නැහැ. ඔයාට යාළුවො නැද්ද ?
නැහැ.
එහෙනම් මම යාලුවෙක් වෙන්නම් ?
එපා. ඔයාටත් ඒවා මේවා කියයි මිනිස්සු. එකයි මම තනියම ඉන්නේ.
එකට කමක් නැහැ.
ඔයා කියන දෙයක් අහන්නෙම නැහැනේ.
අයි මිනිස්සු ඔයාට එක එක ඒවා කියන්නේ ?
දන්නේ නැහැ. සමහරවිට එයාල මට කැමති නැතුව ඇති.
හ්ම්..
ඔයා අහසින් කඩා වැටුන තරුවක් වගේ..
මොකක් ?
නැහැ මුකුත් නැහැ. මම අද ඉදන් ඔයාගේ යාළුවා. තනියම ඉන්න එපා.
බලමු බලමු.
හේ.. හේ.. මොකෝ හිනා වෙන්නේ? ගෙදර යන්නේ යන්නේ නැද්ද ? යමු. මන් ඇරලවන්නම්.
හ්ම්.
අනේ මන්ද.. මම ඒ ළමයාගෙන් ඊට වඩා කිසිම දෙයක් අහන් නැහැ. අනික් අය මොනවා කිවුවත් ඒ කියන දේවල් වලින් මට ප්‍රශ්නයක් නැහැ. මන් හොයා ගත්තා. තරුවක්. ඒ තරුව නැති කර ගන්න බැහැ. මේක මගේ තරුව. එකයි එක ලස්සන සද්දයක් එක්ක මගේ ලගටම කඩා වටුන්.....
හරි අපි ගෙදරට ආවා.
ස්තුති.
ඔයා හෙටත් එනවද පිට්ටනියට ?
අරුණෝද ?
නැහැ මන් නිකමට වගේ ඇහුවේ. කමක් නැහැ. මන් යන්නම්.
මන් හෙට එනවා.
හ්ම්..
මට හිතා ගන්න බැරි වුනා එයා එහෙම ඇහුවම. ස්තුති අහස.. මන් දන්නවා කවුරු නැතත් ඔයා මගෙත් එක්ක ඉන්නවා කියලා. ස්තුති මේ තරුව මට දුන්නට.............


by VimarshanaS

No comments:

Post a Comment