Monday, October 5, 2015

මස්..

කොහෙන්ද අම්මේ අද මස් ගෙනාවේ ?
මස් කඩේ කොලුවා ගෙනත් දුන්නේ..
කවුද ? අර දවල් ආපු කෙනාද ?
මීට කලින් දැකලා නැහැ. අලුතින් ආපු ළමයෙක්ද කොහෙද..
ඒක කොහොම වෙතත් මස් නම් හරි රසයි අම්මා..
හ්ම්.. තාත්තා ගෙදට්ට දෙන්න කියලා තියෙන්නේ..
එහෙමද ?
ඔව්..
තාත්තා ! ඔහු නමින් ජිනදාස කාරියවසම් වන අතර හමුදා නිලධාරියෙකි.
සතියකට වරක් දුරකථන ඇමතුමක් ගෙන මස් කඩයේ කොලුවා ලවා හොදවයින් මස් පාර්සලයක් ගෙදරට යැවීම ඔහුගේ සිරිතය. ඔහු නිවාඩුවට ගෙදර එන විට කඩේට ණය බේරන බැවින් මස් කඩේ මුදලාලිද නොකඩවා මස් පාර්සලයක් එවීය. නමුත් මාසයක කාලයක් තිස්සේ කිසිම අමතුමක් නොගත් ජිනදාස හදිස්සියේ ගෙදරට මස් පාර්සලයක් එවීම ඔහුගේ බිරිඳ බලාපොරොත්තු වුවක් නොවේ. ඇයට මහා අමුත්‍තක් නොදැනුනාමද නොවේ. නමුත් එය ඇගේ සිතේ සාන්කාවට ඇතිවු දෙයක් ලෙස සිතා ඇය එය ගනන් නොගෙන සිටියාය. රෑ බෝ විය. ගෙදර සියලු දෙනා නිදා ගැනීමට සූදානම්ව සිටියත් කවුදෝ දොරට තට්ටු කරන හඩක් ඇසී ය. කළු හැදගත් පස් දෙනෙක් ගෙට අතුලු විය. දවල් මස් රැගෙන ආ කොලුවාද එතන විය. ඔහු එකවරම කතා කළේය.
මස් රසයිද හාමිනේ ?
ඔව්. ඇයි අහන්නේ ?
ඔක්කොමලා කෑවද ?
කන්නනෙ එවලා තිබ්බේ. කෑවා තමයි. ඇයි ?
එවිට කළු ඇදගත් පස් දෙනාම මහා හයියෙන් සිනාසී " උබලා ඔය කෑවේ උබලගේ තත්තගේ මස්. ජිනදාසව මරලා උගේ මස් තමයි අපි උබලට කැවුවේ. එහෙනම් අපි ගියා. අපි ආවේ උබලා කෑවද බලන්න. "
කවුද උබලා ? ජිනදාසගේ පුතු කෝප වී ඇසීය. නමුත් වඩක් නැත. ඔවුන් කිසිවක් නෑසුනා සේ පිටව ගියේය. කතාව ඇත්තකි. ජිනදාස මරුණු බවට ආරන්චිය පසුදා උදෑසන පැමිණියේය. පවුලේ අය ජිනදාසගේ මස් කෑ බවද ඇත්තකි. ජිනදාසගේ හාමිනේට මෙය ඉවසිය නොහැක්කකි. ඕ ජිනදාසගේ මිනිය උස්සනවාත් සමගම සිහිය නැතුව ඇද වැටුණි. ඇයව  රෝහල් ගත කළේය. නමුත් වැඩක් වුයේ නැත. ඇය මියගොස් හමාරය. ඔවුන්ගේ පුතු මේ දුක කේසේ වවාගන්නද ? ඔහුද සියදිවි හානි කර ගත්තේය. ඔවුන්ගේ ජිවිත කතා මෙතකින් නිම විය. නමුත් සිදී වුයේ කුමක්ද ? ජිනදසව මැරුවේ කවුද ? ඇයි ? මේ ප්‍රශ්න වලට උත්තරයක් නැත. උත්තරයක් නැත්තේ ඇයි දැයි විමසීමට කෙනෙක්ද නැත. සියල්ලන්ටම කාලය විසින් විසදුම් දේවි. ස්වභාව ධර්මයෙන් මේ අපරාද කල වුන්ට දඩුවම් ලැබේවි කියා හිත හදා ගන්නවා ඇරෙන්නට අන් අයට කල හැකි වෙන කිසිවක් ඇත්තේද නැත.


by VimarshanaS

No comments:

Post a Comment