හැදින්වීම..
" මයුරිට නැති වුනේ එයාගේ ආදරය විතරක් නෙමෙයි.. එයාගේ පවුල, එයා මෙච්චර කල් ගොඩ නගා ගත්ත හැම දේම එක මොහොතකින් නැති වුනා. ඒ වෙන කවුරුවත් නිසා නමේ සාලිය නිසා. මනුස්සයෙක්ව මරන්න හදන එක වැරද්දක් තමයි. එත් මයුරිට ඕනේ වුනේ මරන්න නෙමෙයි බය කරන්න. කවුද හිතුවේ මෙහම දෙයක් වෙයි කියලා. "
හැම ආදර කතාවකම හැමදාම වාගේ ප්‍රධාන චරිත තුනක් තියෙනවා.
ප්‍රේමවන්තිය.. හැමදාමත් වාගේ අහිංසක ලස්සන මහන්සිවෙලා තැනකට එන්න හදන කෙනෙක්.
ප්‍රේමවන්තයා.. අනික් කෙනාටම වැඩිය තමන්ගේ පෙම්වතිය ගැන විතරක් හිතන අවංක කෙනෙක්.
දුෂ්ටයා.. එනම් මේ ආදරේට බාධා කරන කෙනා. හැමදාමත් වාගේ මිනිස්සු අකමැත්තෙන් ප්‍රතික්ෂේප කරන කෙනක්.
ආදර කතාවක පෙම්වති පෙම්වතියයි දුෂ්ටයව පරද්දල ආදරේ ජය ගත්තට පස්සේ දුෂ්ටයාට මොකද වෙන්නේ ? දුෂ්ටයා ඔය කියන තරම්ම නරකද ? සාම්ප්‍රදායික ආදර කතාවල හැමදාමත් දුෂ්ටයා පෙම්වතියට හෝ පෙම්වතා ට ආදරය කරනවා. එක අවංක ආදරයක් නෙමෙයිද ? එයාට මොකද වෙන්නේ හැම දේම නැති වුනාට පස්සේ.. කවුරුවත් ඒ ගැන හිතන්නේ නැහැ. හමොටම ඕනේ ප්‍රධාන චරිත දෙක එකතු වෙනවා දකින්න..
Next Page - https://vimarshanasamarakoon.blogspot.com/2019/06/lollipop-special_3.html
by VimarshanaS

No comments:
Post a Comment