Monday, November 19, 2018

මම නතර වෙලා..

ගොඩක් පරණ එත් තාමත් හිතට දැනෙන දෙයක් මගේ හදවතේ හිරවෙලා වගේ
ඒක ඒ තරම් වටිනා හීනයක්
එත් දැන් අල්ලගන්නවත් බැරි තරම් ඈතට ගිහින් වගේ
මොකද මම නතර වෙලා...

මේ ලෝකේ කොච්චර භාදක තිබුනත්
මම තාමත් පොඩි කාලේ මන් දැක්ක හීනෙ බලන්න ආසයි
එත් මම නතර වෙලා...

මගේ මතකය එක ලස්සන තැනක නතර වෙලා
කොච්චර ඉස්සරහට ගියත්
අපහු හැරිලා බලද්දී තියෙන්නේ ඒ හීනය විතරයි
එත් මම නතර වෙලා...

මේ වැඩ බහුල ලෝකේ එක හඩක් හැමදාම දෝංකාර දෙනවා
එක අමතක කරන්නම බැරි තරම්
එත් දැන් ඒ හද ඇහෙන්නේ හුගක් ඈතින්
මොකද මම නතර වෙලා...

සීතල හුළගක් මගේ ශරීරයේ දවටුනත්
ගොඩක් දේවල් මගේ ඇස් ඉදිරියේ සිද්ද වුනත්
ඒ වචන ටික තවමත් කියන්න හිතෙනවා
මොකද මම ආදරේ කළා...

මේ ලෝකේ කොච්චර භාදක තිබුනත්
මම තාමත් පොඩි කාලේ කිව්ව ඒ වචන කියන්න ආසයි
එත් මම නතර වෙලා...

මගේ මතකය එක ලස්සන තැනක නතර වෙලා
ඇරඹුමක් අවසානයක් පෙන් නැති තැනක
අපහු හැරිලා මට ඒ දේ කියන්න ඕනේ
එත් මම නතර වෙලා...


by VimarshanaS

No comments:

Post a Comment