Saturday, May 25, 2019

අම්මා..

ප්‍රාණය.. ඔබ මගේ ප්‍රාණයම විය..
ඔබ වෙනුවෙන් මම හැමදාමත් සිටින..
මුළු ලෝකයම ඔබට එරෙහිව සිටියත්..
ඔබ වෙනුවෙන් මා මග බලා සිටින..
ඔබේ දෙනෙතින් ගැලූ කදුළු වලින්..
ආදරයේ කවිය මුළු ලොවටම පෙන්වූ..
ඔබේ ඒ ආදර දෑසම සොයමින්..
ඉවසීමෙන් මා මා බලා සිටපූ..
මෑණියනි මා මෙලොවට බිහිකළ..
ඔබෙ අඩිතාලම මත නැගිටින්නට මට අවසර..
ඔබ දෙස බලමින් මා සමදා සැනසෙන්නේ..
එය නැතිවුණෝතින් මා කෙසේ සිටින්නේ ?
ඔබත් සමග මගේ මුළු ජීවිතේම ගෙවෙනවානම් !
ඔබ මා වෙනුවෙන්ම සිටිනවාද මවුනි..
මා ඔබ වෙනුවෙන්ම මග බලා සිටින ලෙසම..
ඔබත් තමා මගේ එකම සැනසීම..
කිසි දින නොපෙන්නුවත්..
කිසි දින නොපැවසුවත්..
මා ඔබට මගේ පණටත් වඩා ආදරෙයි..
ඔබ පැවසූ වදන් වලට මා කෝප වූ විට..
ඔබ මා වෙනුවෙන් කොතරම් ඉවසුවාද..
මට සමාවෙන්න මවුනි..
මගේ මුරණ්ඩු කමට..
ඒ ඔබට ආදරේ නොමතිව නොවේ..
ඔබට අකීකරු වීමටද නොවේ..
මෑණියනි මා මෙලොවට බිහිකළ..
ඔබේ අඩිපාරේ යාමට මට අවසර..


by VimarshanaS

No comments:

Post a Comment