Saturday, May 25, 2019

ජල දෙවියන්ගේ මනාලිය..

අද නම් මහා අමුතු දවසක්. මුළු පරිසරයම මහා මුස්පේන්තු පාටයි. ඊයේ රාත්‍රියේ මා දුටු සිහිනයත් එතරම් සතුටුදායක වුවක් නොවේ. හැමදේම අවසන් වී යනවා වැනි හැගීමක් මට මේ කවදාවත් නැතුව දැනෙන්නේ කිමද ? මා කොතරම් කල්පනා කලද මා හට නම් මෙයට පිළිතුරක් ලැපෙන පාටක් නොමැත. පන්සලේ හාමුදුරුවන් බැහැ දකින්නට ඇත්නම්. මට මේ පිලිබදව පවසා මගේ සිත සැහැල්ලු කර ගන්ට ඇත්නම්. එත් එය කෙසේ කරන්නද ? උන් වහන්සේ පිට ගමක දැනට වැඩි අතර ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් නැවත නගරයට වැඩම කිරීමට නොහැකිව සිටිනවා. මේ හැම දේම මහා ප්‍රෙහෙලිකාවක පටන් හන්මක් වාගේය. ඇයි මගේ සිහින වල මා කිසිදාක දැක නැති අයෙකු දිස්වන්නේ. සිහිනෙන් ඔහුගේ මුහුණ මා හොදින් දුටුවත් අවදි වූ සැනින් එය අමතක වී යයි. කුඩා කල පටන් වරින් වර මම මේ සිහිනය දුටුවත් දැන් දැන් නම් එය දිනපතා දකින සිහිනයක් වී හමාරය. මා කිසිදාක දැක නැති පුද්ගලයෙකු මා එනතුරු ඈතට වී බලා සිටී. මම ඔහු අසලට දුව යන හැම විටම ඔහු තවත් ඈතට ඇදෙයි. ඔහු මට ඉතා කාරුණිකව අඩ ගසයි. මම ඔහු ලගට යාමට කොතරම් තැත් කලත් එය කිසි දිනක සිදු නොවේ. ඒ මොහොතේදී ලය පැලී රිදුම් දෙන්නා වූ තරම් වේදනාවකින්  මාගේ මුළු සර්වාංගයම වෙලී යයි. මෙවැනි සිහිනයක් කුඩා කල පටන් මට වැඩ දෙන්නේ ඇයි දැයි පැනයට මා හට නම් කිසිදාක පිළිතුරු දීමට නොහැකිය. මම කවුද ? ඇයි මට මෙතරම් පිරිසක් සිටියත් තනිකමක් දැනෙන්නේ ? හරියට මා මේ ලෝකයට අයිති නැති කෙනෙක් වාගේ.
කුමරියනි... දැන් බොහෝම දවල් වෙලා නොවේද ? සේවිකාවගේ ඒ හැදින් දෝරා එකවරම ගැස්සී අවදි වුනි.
ආ ප්‍රධාන සේවිකවනි.. සුභ උදෑසනක් !
කුමරිය අදත් අර සිහිනෙම දුටුවාද ?
හ්ම්..
රජතුමා ඔබට පැවසීමට යමක් ඇති බැවින් ඔබ අවදි වූ විගස ඔහුව බැහැ දැකීමට පැමිණෙන ලෙස ඔබට පවසන්නට කීවා..
එහෙයි එහෙයි ප්‍රධාන සේවිකවනි..

කිමද ඔබ අද මෙතරම් මුහුද සැර කරන්නේ ?
ඔබට ඉන් ඇති ප්‍රයෝජනය කුමක්ද ආරක්ෂක ?
දෙවිදුනි.. එසේ නොවේ. මා මේ පැවසීමට උත්සහා කළේ ..
මා දන්නවා ප්‍රධාන ආරක්ෂක ඇයගේ පැමිණීමට කාලය පැමිණ ඇති බව..
දෙවිදුනි..
ඔවුන් ඇයව මගේ තුරුලට පා කරාවි ලගදීම..
මේ තරම් කාලයක් ඔබ බලා සිටියේ ඔය දේ වෙනුවෙන් නොවේද දෙවිදුනි..
නමුත් මෙය නිවැරදි දේ දැයි මාහට දැන් සිතෙයි ආරක්ෂක. ඇය තවම සොළොස් වියෙහි වූ ළාබාල යුවතියක්..
හැම දෙයක්ම හොදින් සිදුවේවි දෙවිදුනි. ඔබයි මේ සෑම ජීවියෙකුගේම පැවැත්මට අවශ්‍ය ජලයට අදිපති. ඔබේ නොසන්සුන් බව ජලයට හානි කරාවි. සන්සින් වන්න දෙවිදුනි..
ඔබේ පණ්ඩිත කතා මට අවශ්‍ය නැත ආරක්ෂක..
මා හා අතිනත ගැනීමට සිටි මාගේ කුමරියව මනු ලොවට යැවීමට තරම් මේ ලොව තුළ වූ නීතිය කුරිරු වුයේ කෙසේද ? ඇයගේ පියා එතරම් බලවත් පවුලක අයෙකු නොවූ නිසාද ? ඇය මට සමීප වුයේ බලයට ආශාවෙන් නොවේ. ඈ මා හට පෑවේ ඇයගේ අව්‍යාජ ස්නේහය මිස අන් කවරක්ද ? ඒ නිසා යට ලැබුණු දඩුවම මා කෙසේ ඉවසම්ද ? ඇයගේ ආත්මය මනුලොව කළලයකට ඇතුලත් කිරීම. මේ කවර නම් දණ්ඩනයක්ද ? අපගේ ප්‍රේමයේ ඇය පමණක් වැරදි කරුවෙකු වන්නේ කෙසේද ? එයත් මනුලොවට පලවා හැරීමට තරම්. මා හට අද හිමි මේ බලය ලැබුනේ ය ඒ දඩුවම බාරගත් බැවින්. මට බලය ලබා දීමට ඇය මෙවැනි තීරණයක් ගනී යැයි මම හිනේකුදු නොසිතුවෙමි. ඇය සිතන්නේ කුමක්ද ? ඈ නොමැති තැන මා සාර්ථක වේවි කියාද ? ඈ මනුලොව ඉපදුනත් මා ඇගෙන් වෙන් නොවුයේ එනිසයි. දැන් මේ ඇයට ආපසු පැමිණීමට නියමිත කාලයයි. කිමද දැන් ඇයට වචනෙකුදු හානියක් කිරීමට කෙනෙකු මේ ලොවේ දැන් නොමැත. ඒ මේ ලොව දැන් මා හා සම කල කිසිවෙකු නොමැත. ඒ මා ජලයට අධිපති වූ බැවිනි.

දෝරා.. ඔබ පැමිනියාද මගෙ දුවේ ?
එසේය පියානෙණි..
මා මේ පැවසීමට සූදානම් වුයේ අපට එහා රාජ්ජයෙන් ඔබ වෙත ආ මන්ගල යෝජනාවක් පිලිබදවයි..
මට ඔය ගැන දැන්ම සිතිය නොහැකී පිය රජතුමනි..
ඒත් දෝරා..
රජතුමනි.. මහා විපතක්. මුළු නගරයම ජලයෙන් යටවී මහා විනාසයක් මහ රජතුමනි..
කුමක්ද ? කුමක්ද සෙබළ ඔබ මේ පවසන්නේ ?
මුහුද ගොඩ ගලලා රජතුමනි. නගරයෙන් හරි අඩක් විනාශයි..
ජනතාව ? එතකොට ජනතාවට මක් වීද සෙබළ ?
කුමරියනි.. ඒ ගැන තවම මට ස්ථිරව පැවසිය නොහැක..
දෝරා.. දූ.. ඔබ ඔබේ කුටියට යන්න. මම මේ පිළිබදව විමසා බැලිය යුතුයි..

සේවිකාවනි කුමක්ද වී ඇත්තේ ?
මුහුද ගොඩ ගලලා රටෙන් අඩක්ම යට වෙලා කුමරියනි..
කිසිදු පිළියමක් නැතිලු. අනාවැකි කරුවන් නම් පවසන්නේ මෙය දේව සාපයක් බැවින් පිරිසිදු කන්‍යාවියක් මුහුදට බිලිදීම එකම විසදුම කියායි..
ඉතින් ඔවුන් එසේ පැවසීමට හෙතුව ?
අතීත පුරාණ කතා වල එන පිළියම මෙයලු. ඔවුන් උගත් සාස්තරේ අනුව මෙය අවසන් විසදුමලු. හැකි ඉක්මනින් මෙය සිදු කල යුතු බවයි ඔවුන් පවසන්නේ කුමරියනි..
කාවද බිලි දෙන්නට හදන්නේ ?
සොළොස්විය ඉක්මවූ යුවතියන් ගෙන් මහ රජ ඉල්ලිමක් කලා කුමරියනි. නමුත් සෑම කෙනෙකුම බියට පත්ව ඇති බවයි පෙනෙන්නේ. ඔවුන් කිසිවෙකු කැමති වුයේ නැත කුමරියනි..
එකම පිළියම එය නම් වෙන කල හැකි දෙයක් නැත සේවිකාවනි..
මට වටහුනේ නැත කුමරියනි ?
කෝ පිය රජු ?
සිංහාසනයේ වැඩ සිටිනවා කුමරියනි..

පිය රජතුමනි මට අවසර..
කිමෙක්ද කාරණය දෝරා ?
සත්‍යයක්ද පියානෙණි කිසිවෙකු මුහුදට බිලි වීමට ඉදිරිපත් නොවෙනවා කියන්නේ ?
එසේය දියණියනි..
පියානෙණි එසේනම් මා ඉදිරිපත් වන්නම්..
දෝරා..
එසේය පියානෙණි. මා හා සම කල හැකි වෙන කිසිවෙකු මේ රාජධානියේ නොමැත. එසේ නම් මට අවසර දෙනු මැනවි පියානෙණි..
දෝරා..

දෙවිදුනි.. ඇය ඒ තීරණය ගත්තා නොවේද ?
එසේය ආරක්ෂක. ඔබ ඔය තරම් පුදුම විය යුතු නැහැ..
එනමුත්..
හා.. හා.. මා ඇයට අළුම් කරන හේතුවද එයයි ආරක්ෂක. එනම් ඈ තුල පවතින අව්‍යාජ ගතිගුණ මා තව තවත් ඈ කෙරෙහි බැදීමට හෙතුව..
එසේය දෙවිදුනි..

කුමරිය මුහුදට බිලිදෙන දිනය උදාවිය. එය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රජු තීරණය කලේ ඇය ඔහුට දාව ඉපදුන එකම දියණිය වූ බැවිනි. නමුත් ඈ ඉපදුන දවසේ අනාවැකි කරුවන් පවසූ වදන් රජුගේ මතකයට නගුනේ නිතැතින්ම වාගේය. ඒ දෝරා තමාට අයිති ලොවට සොළොස් වසරකට පසු සියල්ල හැර දමා නික්මෙන බවයි. එය  ඇයගේ මරණය බව රජු හීනෙකුදු නොසිතුවේය. නමුත් එය ඇගේ දඩුවමේ අවසාන කාලය බව මනුලොව මනුෂ්‍යන් නොදනී. මිසු.. ඈ හට ඇයට අයිති ලොවට පමිනීමට මන්පෙත් විවර කලේ මේ ඇය නැවත දෙව් ලොවට පැමිණීමට කාලය වූ නිසාවෙනි.
කුමරියට බොහෝ පින් ලැබේවා ! නමුත් අපට කමා කරන්න කුමරියනි..
මට සමාවෙන්න දියණියනි..
එසේ නොපවසන්න පියානෙණි. මා රාජකීය පවුලේ සාමාජිකයකු ලෙස මේ රාජ්ජය වෙනුවෙන් මට කිරීමට හැකි සියලු දේ සිදු කරනවා. එසේ කිරීමට මගේ ජීවිතය කැප කිරීමට සිදුවුවද මට කම් නැත. මා හට සතුටින් සමුදී ඔබලාගේ සුරක්ෂිතභාවය රැක ගන්න. දීර්ඝයු වේවා මහ ජනතාවනි !
ඇය මනු ලොවේදී පැවසූ අවසන් වදන් එය විය. ඇය නැගි කුඩා බෝට්ටුව ඈතට පාවී යනවාත් සමගම රාජධානිය වෙලා සිටි කරදිය ඈ පසුපසින් කෙමෙන් කෙමෙන් මුහුද වෙත ගලා ගියේය. ගත වූයේ නිමේෂයකි. සුළියක් ! ජල සුළියකට හසුවී ඇගේ කුඩා බෝට්ටුව මුහුදු පතුලට ඇදී ගියේය. ජනතාව කුමරිය කෙරෙහි ඇති කර ගත්තා වූ භක්තියෙන් ඇයට ආශිර්වාද කළේ හැඩු කදුලෙනි. එය මුළු රාජධානියම කම්පා කරවීය.

දෝරා.. අවදිවන්න..
අහ්.. මා.. මා මෙහි ? කොහිද මේ ?
ඔබ අයිති මේ ලොවටයි දෝරා..
අහ්.. ඔබ.. ඔබතුමා කවරෙක්ද ?
මා දෙස හොදින් බලන්න දෝරා. ඔබට මාව මතක නැතිද ?
ඔබ නේද මගේ සිහින වල සිටි කුමරු..
එපමණද ?
ම්.. මි.. මිසු..? ඔබ නේද මගේ මිසු. අහ්.. මට දැන් මතකයි. මට හැම දෙයක්ම මතකයි..
මා ඔබ නැවත පැමිනෙන තුරු මෙතරම් කලක් ඔබ වෙනුවෙන් බලා සිටියා. ඉතින් ඔබ කැමතිද මා හා පැමිනෙන්න ?
කුමරුනි මේ කිනම් විපර්යාසයක්ද ? මා ඔබට කෙසේ නම් නොහැකී කියම්ද ?
මා හා මේ දුර ගමන යන්නට ඔබ කැමතීද ?
එසේය කුමරුනි.. 
එසේනම් ඔබ මා අතින් අල්ලා ගන්න දෝරා. මා ඔබව ගිරි දුර්ග මැදින් පාරාදීසයකට රැගෙන යන්නම්..



by VimarshanaS

No comments:

Post a Comment