Sunday, June 2, 2019

ඔයයි තාත්තා.. ( 1 )



මගේ වයස අවුරුදු විසිඑකයි. එත් මම මේ වෙලාව වෙනකොට හිටගෙන ඉන්නේ ලොකු බංගලාවක දොරක් ඉස්සරහා. ඒ දොර අරිනකන් බලාගෙන. මොකද මේ තමයි මගේ දරුවාගේ තාත්තා ජිවත් වෙන ගෙදර.
" බැලු බැල්මට මාළිගාවක් වගේ කියලා කියන්න පුළුවන් තරමට ගෙදරකනේ පුතාගේ තාත්තා ඉන්නේ.."
මම ආපහු දොරේ බෙල් එක ගැහුවා.
මගේ හිතට මේ වෙලාවේ තියෙන එකම සැනසීම මගේ අම්මයි තාත්තයි මොනවා වුනත් මගෙත් එක්ක ඉන්නවා කියල කියපු එක විතරයි.

.......................................

මාස 12කට පෙර..

මීට මාස 12කට කලින් මම වැඩ කලේ ක්ලබ් එකක. එදා උදේ පාන්දර අපේ ගෙදර ආපහු ලොකු රණ්ඩුවක් වුණා. උදේ පාන්දරම තාත්තා ණය ගත්ත තැනකින් ණය එකතු කරන්න ආවා. මගේ තාත්තට ස්ථිර රස්සාවකුත් නැතුව, කුළී ගෙදරක ඉන්න ගමන් අපි ජීවත්වෙන්නේ. එයා මේ පාර ලක්ෂ 10ක් ණයට අරගෙන. කිසිම වාරිකයක් ගෙවලා නැහැ. තාත්තට ණයට ගන්න එක පුරුද්දට ගියේ කොහමද කියන්න මම දන්නේ නැහැ. ඒත් දැන් අපිට ඔලුව උස්ස ගන්න බැරි තරමට ඒක නිසා ප්‍රශ්න ඇතිවෙලා. මල්ලිත් තවම ඉස්කෝලේ යනවා. අම්මටත් රස්සාවක් නැහැ. මම පාර්ට් ටයිම් ජොබ් එකක් හොයා ගත්තෙත් මේ නිසා. යාලුවෙක් තමයි මාව ස්පෝර්ට් ක්ලබ් එකට එක්කන් ගියේ. එතන වේකන්සි එකකට. උදේට කැම්පස් යන නිසා හවස තමයි මගේ ශිෆ්ට් එක පටන් ගන්නේ. මටත් ඒක ලේසි නිසා මම වැඩ බාර ගත්තා. මට හොඳ පඩියකුත් හම්බවුනා මාසෙකට පස්සේ. අද කාලේ පාර්ට් ටයිම් කරලා මාසෙකට විසිදාහක් හොයන එක ලේසි නැහැ. වේටර් රස්සාවක් නිසා මට කිසි කරදරයක් නැතුව රස්සාව කරගෙන ඉන්න පුළුවන් වුණා.

අම්මයි තාත්තයි මට ආදරේද නැද්ද කියන්න මම දන්නේ නැහැ. එත් එයාලට මම කොහොම හරි සල්ලි හොයලා දුන්නා නම් ඒ ඇති. මම කෑවද වත් කියලා වැඩ ඇරිලා ගෙදර ආවම අම්මා අහන්නේ නැහැ. වෙලාවකට මට හිතෙනවා මම එයාලගේ දරුවෙක් නෙමෙයිද කියලත්. මුලදී හිත රිදුණත් දැන් මට ඒ හැමදේම පුරුදුයි. මම මට පුළුවන් දේ කරනවා. එච්චරයි.

මේ ගෙවුණු අවුරුදු 10ය ඇතුලත අපේ පවුලේ කොච්චර නම් දේවල් වෙනස් වෙලාද. කලින් එහෙම නැහැ. දැන් වෙනකොට ගෙදර වියදමට පොඩි ගානක් තියාගෙන හම්බකරන හැම සතේම ණය ගෙවන්න වියදම් කරනවා. මාසෙන් මාසෙට ණය ගෙවන එක තමයි දැන් අපේ පවුලේ ලොකුම වැඩේ.

මගේ තාත්තා දේවේන්ද්‍ර. වයස අවුරුදු 46යි. රස්සාව කරපු කම්පනි එක අවුරුදු 10කට කලින් වැහුවට පස්සේ දැන් ලොරියක් අරන් හයර් කරනවා. මගේ අම්මා මානෙල් කන්න බොන්න නැතත් කලින් ජීවත්වුණා වගේ වගේ ජිවත් වෙන්න හදනවා. ණය වෙලා හරි සෝබනේට ජිවත් වෙන්නයි එයාට ඕනේ. මටත් ලොකු වයසක් නැහැ. හිනා යනම දේ තමයි අපේ පවුලේ කාටවත් බෑන්ක් එකවුන්ට් එකක් නැති එක. හ්ම්.... ඇයි ඉතිං අපි හම්බ කරන හැම සතෙකින්ම කරන්නේ ණය ගෙවන එකනේ. අපිට අතේ සතේ නැති වුනත් අපි ඉදලා හිටලා හරි ලොකු රෙස්ටුරන්ට් වලින් කනවා. ඒ විතරක් නෙමෙයි හොඳ කඩවල් වලින් ලොකු ගාණක් දීලා ගත්ත ඇදුම් අදිනවා. පිටින් බැලුවම කාටවත් කියන්න බැහැ අපේ පවුලේ ඇත්ත තත්වය. ඒ තරම්ම තාත්විකයි අපේ රගපෑම. ඒ නිසාමද මන්දා මට මේ ජිවිතේ එපා වෙලා තියෙන්නේ. කිසි සැනසීමක් නැති ජිවිතයක්.

එදත් වෙනදා වගේම තමයි. මම කැම්පස් එකේ ලෙක්චර්ස් ඉවර වෙලා ජොබ් එකට ගියා. මම හිතුවා විතරයි හැමදේම හොදින් සිද්දවෙන්න පටන් ගත්තා කියලා, මට රස්සාවක් ලැබුණම. ඒත් ඒ හැමදේම අවුල්වෙන්න පටන් ගත්තේ මේ රස්සාවෙන් කියලා නම් මට කීයටවත් හිතුනේ නැහැ. එදා උදේ අම්මා මගේ වියදමට කියලා මං ළඟ තියාගත්ත රුපියල් දාහත් උදුර ගත්තා. එයාගේ වියදමට මදි කියලා. එකට රණ්ඩු වෙලා ගෙදරින් ආව නිසා මට ගෙදර යනවට වඩා නොයා ඉන්නයි වුවමනාව තිබුණේ.

" මට ඒ ගෙදරට නොයා ඉන්න පුළුවන් නම්.. නෑ.. නෑ.. මට කොහොමටත් ඒ ගෙදරට යන්න ඕනේ නැහැ..." ඒ නිසාම එදා මම වැඩිපුර වැඩ කළා. එතකොට තමයි අපේ මැනේජර් මට ඇවිත් කිව්වේ ටේබල් නම්බර් 10 බලන්න කියලා.
දෙයියනේ....!!! වෙන කවුරුවත් නෙමේ. අපේ කැම්පස් එකේ ගොඩක් කෙල්ලන්ගේ සිහින කුමාරයා. අදිතයි එයාගේ යාළුවොයි.

හැබැයි එයාලා මාව අදුරගත්ත බවක් පෙනුනේ නැහැ. ඉතින් මම මුකුත් අමුත්තක් නැතිව ඕඩර් එක අරන් එතනින් ගියා. අදිත අයියා වෙනදා වගේ නෙමෙයි. එයාට සිහිය නැතිවෙන තරමට එයා බිව්වා. මම දෙතුන් පාරක් එයාලගේ ඕඩර් ගත්තා. එත්.. එයාගේ යාළුවොත් ගියාට පස්සේත් එයා බොන එක නතර කලේ නැහැ. මම අපේ මැනේජර්ටත් කියලා අදිත අයියා ළගට ගිහින් කිව්වා " සර් දැන් ඇති.. " කියලා. අදිත අයියා මොකුත් නොකියා ටික වෙලාවක් මගේ දිහා බලන් හිටියා.
" තමුසේ.. මගෙත් එක්ක යන්න එනවා.. "

මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මම මැනේජර් ට කියලා අදිත අයියත් එක්ක එයාගේ කාර් එක ළගට ගියා. එයා මාව කාර් එක ඇතුලට තල්ලු කරලා එයත් නැග්ගා. ඩ්‍රයිවර් වාහනේ ස්ටාර්ට් කළා. මම මොකුත්ම නොකියා සද්ද නැතුව හිටියා. මටත් ඕනේ වුණේ ගෙදර යන එක පරක්කු කරන්න. ඒ නිසා මම එයාලට මොකුත් නොකියා වාහනේ ජනේලෙන් එළිය බැලුවා. ඒ තරම් ලස්සනට මං කවදාවත් අහස දැකලා තිබුනේ නැහැ. දන්නෙම නැතුව අපි ඇවිත් තිබුනේ අදිත අයියගේ ගෙස්ට් හවුස් එකට. මම අදිත අයියාව එක්කගෙන ගෙස්ට් හවුස් එකට ගියා.

Next Page - https://vimarshanasamarakoon.blogspot.com/2019/06/special.html

by VimarshanaS


No comments:

Post a Comment