Saturday, June 8, 2019

ඔයයි තාත්තා.. ( 4 )

මගේ දුවගේ තත්වේ කොහොමද ඩොක්ටර් ?

බය වෙන්න එපා.. දුවයි බබයි දෙන්නම හොදින්. ඔයාලට ඒ දෙන්නව බලන්න පුළුවන් රූම් එකට දැම්මට පස්සේ.

තැන්ක්ස් ඩොක්ටර්.
...............................

දේවේන්ද්‍ර.. අපි දුවත් එක්ක කතා කරන්න ඕනේ මේ ගැන. එයා දන්නවා ඇතිනේ බබාගේ තාත්තා කවුද කියලා.

ඔව් මානෙල්. අපි බලමු දුව ගෙදර ගෙනිච්චම. අපිට තියෙන ප්‍රශ්නත් එක්ක මේ දරුවාව බාර ගන්න බැහැ.

තාත්තට ළමයව එපා නම් මට හිතෙන්නේ අපි ළමයව නිවාසෙකට දාමු. වෙන කරන්න දෙයක් නැහැ.

මානෙල්.. මම මේ ගැන හිතලා ඉවරයි.

ඒ මොකක්ද ?

අපි මේ ළමයව ළමයි නැති පවුලකට දෙමු. හොඳ ගානක් ගන්න පුළුවන්. මන් අඳුරන දෙන්නෙක් එක්ක කතා කරලා තියෙන්නේ. එකයි මම කිව්වේ දුවට දරුවාව ලැබෙන්න දෙමු කියලා.

දේවේන්ද්‍ර ඔයා නම්.. මගේ අකමැත්තක් නැහැ..
...............................

ගිම්නා හෙමිට එයාගේ ඇස් ඇරලා බැලුවේ එයාගේ එහා පැත්තේ ඉන්න පුංචි බබා දිහා.. පුතෙක්.. අදිත අපේ දරුවා පුතෙක්.. ගිම්නා හෙමීට නැගිටලා පුතාව අතට ගත්තා. පුතාගේ මුණ දිහා ටික වෙලාවක් බලන් හිටපු ගිමනට කට කොනකට හිනාවක් මතුවූනා. තාත්තා වගේමයි... එයා එයාටම හිතා ගත්තත් කිසිම දෙයක් කිව්වේ නැහැ. මන් දන්නවා ඔයාට දාන්න ඕනේ නම මොකක්ද කියලා.. පුතා දන්නවද පුතාගේ තාත්තා ඉස්සෙල්ලම මාව දැක්කම කිව්වේ මන් හරි අහිංසකයි කියලා. තාත්තට නම් ඒ ගැන මතක නැතුව ඇති. එයාලා අපේ සිනියර්සලා නිසා ඒ දවස් වල නිතරම අපේ පන්තිවලට එනවා. පුතාගේ තාත්තා නම් ආවේ එක දවසයි. එදා තමයි මට අහිංසකයි කිව්වේ. 

ඉතින් අපේ පුතාට මම අද ඉදන් කතා කරන්නේ අහිංස කියලා..

ගිම්නා කොච්චර සතුටින් හිටියත් ඒ සතුට වැඩිකල් තියෙන එකක් නෙමේ. ටික දවසකට විතරයි. මොකද එයා දන්නේ නැහැ එයාගේ ළමයා ටික දවසකින් එයාට නැති වෙන්න යනවා කියලා.

No comments:

Post a Comment