මම ගෙස්ට් හවුස් එකෙන් එළියට ආවේ පහුවදා උදේ. මම එළියට බහින්න හදද්දී මට ඒ ගෙදර සර්වන්ට් කෙනෙක් රුපියල් 50000 චෙක් එකක් අතට දීලා කිව්වා උදෙන්ම පිටත්වුණා මේක මිස්ට දෙන්න කිව්වා කියලා. හ්ම්.... මම ඒක දැනගෙන හිටියා.
මම චෙක් එකත් අරන් ගෙස්ට් හවුස් එකෙන් එළියට ඇවිත් කෙළින්ම ගෙදරට ගියා. ඊට පස්සේ කවදාවත් මම ක්ලබ් එකේ වදටවත් කැම්පස් එකටවත් ගියේ නැහැ. මම ෆුල් ටයිම් ගේක සර්වන්ට් විදියට වැඩ කළා.
ජිවිතේ හරි පුදුමයි. අදිත මම කවුද කියලවත් දන්නේ නැහැ. එයාට දැනගන්න ඕනෙත් නැහැ. මට ආපහු අදිතව මුණගැහෙන්න කිසිම වුවමනාවක් තිබ්බෙත් නැහැ. හොඳමදේ එයාව මුණ නොගහෙන එක. එදා ගෙස්ට් හවුස් එකෙන් එළියට ආවට පස්සේ මට ආපහු කැම්පස් එකට යන්න තරම් හයියක් තිබ්බෙත් නැත්තේ එකයි. මට මේ හැමදේම මගේ මතකයෙන් අයින් කරලා දාන්න ඕනේ. ඒ වුනත් එදා මතකය ආයේ ආයේ මට මතක් වෙන එක නතර කරන්න බැරි වුණා.
" මානෙල් ඔයාගේ මේ සෝබන වැඩ නතර කරන්නේ කවද්ද ?
දැන් ඔයා කියන්නේ අපේ පවුලට මෙහෙම වුනේ මගේ වැඩ හින්ද කියලද ? අනේ.. මිනිහෝ.., තමුසේ ණය ගන්න එක නතර කලානම් මේ ඔක්කොම හරි.
මම ණය අරන් හරි උඹලට ඕනේ දේ ගෙනත් දෙන නිසා තමයි යකෝ තොපි අද කාලා ඇඳලා ඉන්නේ.. "
මම වැඩ ඇරිලා ඇවිත් ගෙදරට යන්න ගේට්ටුව ඇරියා විතරයි., මම දැනගත්තා අදත් හරි තමයි කියලා සද්දෙන්ම. අද උදේ ඉඳන් මගේ අගට හරි නැහැ. ඒ නිසා මම සද්ද නැතුව දොර අරගෙන ඇතුලට ගියා. මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ අම්මගෙයි තාත්තගෙයි රණ්ඩුව මැද්දට යන්න. ඉතින් මම හෙමින් සැරේ කාමරේට ඇවිදගෙන ගියා. ඒත් මට වැඩිදුර යන්න පුළුවන් වුණේ නැහැ. මගේ ඇස් දෙක බොඳවෙලා වටේම කලුපාට වෙන්න ගත්තා. එච්චරයි මට මතක. මම ආපහු ඇහැරෙනකොට හිටියේ ඉස්පිරිතාලේ. මම ඇස් අරිනවත් එකක්ම අම්මයි තාත්තයි මගේ ලඟට ආවා.
එයාලගේ මුණවල් තරහින් පුපුරණවා.. ඒ ඉස්පිරිතාලේ නෙමෙයි නම් මට හිතුණේ මාව මරලා දායි කියලා
" උඹ රස්සාව කියලා කරන්නේ මොකක්ද කියපන් මට..
ඇයි අම්මේ ?
කට වහපන්.. තෝ මෙතන තියෙන ප්‍රශ්ණ මදිවට ළමයෙකුත් හදාගෙන ඇවිත්.. තොට දැන් ළමයෙක්ද යකෝ ඕනේ.. ?
ළමයෙක් ? මොනවද අම්මේ මේ කියන්නේ ?
මොනවද නෙමයි.. තොගේ බඩේ ළමයෙක් ඉන්නවා..
ළමයෙක්... "
එතනින් එහාට අම්මා මට බැනගෙන බැනගෙන ගියත් ඒ කිසිම දෙයක් අහන්න මට වුවමනාව තිබුණේ නැහැ. මගේ ඔළුවේ තිබුණේ එකම දෙයක් විතරයි. ඒ මම අම්ම කෙනෙක් වෙන්න යන එක විතරයි.
No comments:
Post a Comment