Saturday, June 8, 2019

ඔයයි තාත්තා.. ( 3 )

මම සතියක් යනකන් හරියට කෑමක් බීමක් ගත්තේ නැහැ. මම කරපු එකම දේ කාමරේට වෙලා අඬපු එක විතරයි. මොකද මට අම්මා කෙනෙක් වෙන්න ඕනේ වුනේ නැහැ.

අම්මගෙයි තාත්තගෙයි තරහා වැඩිකල් තිබුණේ නැහැ. දවසක් අම්මා මගේ කාමරේට ඇවිත් කිව්වා " ඔයාට මේ දරුවා ඕනේනම් ඔයා හැම දේම තනියම කර ගන්න.. අපිට තව දරුවෙකුට වියදම් කරන්න සල්ලි නැහැ.. ඔයාට කැමති තීරණයක් ගන්න පුළුවන්.. අපෙන් බලපෑමක් නැහැ.."
අම්මා එහෙම කියලා කාමරෙන් එළියට ගියා. මම දන්නේ නැහැ ඒ ඇයි කියන්න. එයාලා එතනින් පස්සේ මට කිසිම දෙයක් කිව්වේ නැහැ. පහුවදා මම බැංකුවට ගිහින් අදිත දුන්න චෙක් එක කෑෂ් කර ගත්තා. මගේ දරුවට වියදම් කරන්න කියලා මට තිබුණේ එච්චරයි. මට දැන් රස්සාවට යන්න විදියක් නැති නිසා ඒ සල්ලි පරිස්සම් කරගෙන තමයි වියදම් හැමදේම කළේ.

ගෙදර අය මගෙත් එක්ක වෙනද වගේම හිටියා. ඔව්.. ඉතින්.. කොහොමත් වෙනද වගේම මගේ ගැන හොයල බලනවා තියා මගෙත් එක්ක කතා කලේ වත් නැහැ. එයාලා කොහොමත් එහෙම නිසා මමත් මුකුත් නොකියා මගේ පාඩුවේ හිටියා. මට කැමති තීරණයක් ගන්න කියපු එකම ඒ දෙන්නා මට කරපු ලොකුම උදව්ව.

මට මගේ දරුවා ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. ඩොක්ටර්ව මුණ ගැහෙනකන්ම. මම බයෙන් හිටියේ.

" අම්මේ ඔයාට ඒක ඇහෙනවද .. ? ඒ තමයි ඔයාගේ දරුවාගේ හර්ට්බීට් එක..

ඒ කියන්නේ මගේ දරුවා හොඳින්ද ?

අනිවාර්යෙන්ම.. නිරෝගී දරුවෙක්.. "

එවෙලේ ඉදන් මට තේරුණා මගේ හිතේ දරුවා ගැන තිබුණු අකමැත්ත නැති වුණා කියලා. මට කියන්න පුළුවන් මන් දරුවට ආදරේ කරන්න පටන්ගත්තේ දරුවාගේ හර්ට්බීට් එක අහපු වෙලේ ඉදන් කියලා.

" පුතේ මට සමාවෙන්න. මුලදී ඔයාට අකමැති වුනාට. එත් මම පොරොන්දු වෙනවා ඔයාව ඇහැක් වගේ බලා ගන්නවා කියලා.. මම ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නැහැ..
ඔයා ඔයාගේ අම්මව විශ්වාස කරන්න.. "

No comments:

Post a Comment