Saturday, October 13, 2018

ප්‍රථම ප්‍රේමය..

මගේ හදවත., ගැහෙන සද්දේ මගේ කන්වල දෝංකාර දෙනවා..
මගේ කකුල්., කවදාවත් නැති විදියට ගල් ගැහිලා..
මගේ කඳුළු., හෙමින් හෙමින් මගේ කම්මුල් දිගේ ගලාගෙන යනවා..
මේ හැමදේම මට කියන්නේ.. මේ මගේ ප්‍රථම ආදරය කියලා..

හැමෝටම ඒ දේ හරියට කරන්න පුළුවන්..
හැමෝම ආදරේ හොයා ගන්නවා..
ඒක ලේසි දෙයක්..
මම හැමවෙලේම හිතුවේ එහෙම..
නමුත් තවමත්..

මට කවදාවත් ඔයාව ඔයාව හමුවී නොතිබුණානම්..
මම හිතන්නේ නැහැ..
කාටවත් පුළුවන් කියලා මගේ හිතේ මේ හැගීම ඇති කරන්න..
මේ කුළුඳුල් හැගීම..

මගේ හදවත., පුපුරන්න වගේ ගැහෙනවා..
මගේ කකුල්., ඉබාගාතේ ඇවිදිනවා නතර වෙන්න නොදී..
මගේ කඳුළු., තවමත් මට නතර කර ගන්න බැහැ..
මේ හැමදේම මට තුවාල කරනවා.. මොකද මේ මගේ ප්‍රථම ප්‍රේමය..


by VimarshanaS



No comments:

Post a Comment