Saturday, October 13, 2018

සින්ඩරෙලා..

සින්ඩරෙලා..
කැළේ පිපුණු මලක් ඔයා..
හැමවෙලේම මගෙත් එක්ක ඉන්න..
හැමදේම හංගන ඒ හිනාවත් එක්ක..
සින්ඩරෙලා..
මොන දේ වුනත්..
ඔයාගේ මායා වෙස්මුහුණ ගැලවෙන දවසක් ආවත්..
කොහේදී වුනත්.. කවද වුනත්..
මමයි ඔයාගේ ආරක්ෂකයා..
මට ඕනේ නැවුම් ඉර එළියක් වගේ..
ඔයාගේ මායා හිනාව එළිය කරන්න..
ඒකයි මගේ සැනසීම..
ඔයාට දුන්න වෙලාව ඉවර වුණාට..
මේක නෙමෙයි සමුගන්න වෙලාව..
මම දන්නවා යන්න වෙලාව හරි කියලා..
එත් මට ඔයාට යන්න දෙන්න බැහැ..
අපි පොරොන්දු වුණා නැවත හමුවෙන්න..
එත් ඔයා මිනිස්සු අතරින් නොපෙනී ගියා..
මට දැනෙන දේ ඔයාටත් දැනෙනවද..
කාටද පුළුවන් ආදරේ කාලයට සීමා කරන්න..
සින්ඩරෙලා..
ඒ සිමාව ඉක්මවා මට ඔයාව ඕනේ නම්..
මම එන්නම් ඔයාව හොයාගෙන..
එතකන් ඉන්න..
මම දන්නවා ඔයාට කොහෙවත් යන්න බැහැ..
මොකද..
ඔයාගේ පාවහන් මගේ ළග..



by VimarshanaS

No comments:

Post a Comment