මදුරා හෙවත් මන්දෝදරී මා ප්‍රිය දේවී
නුඹ දුටු පළමු දිනම මා ඇලෙන් බැදී
ඔබය මෑණියන් මා ජාතක දරුවන්ගේ
විසදුම් නැත මේ අවනඩුවට දේවී
මා නැත සිතාවන්ට පෙම් කලේ
වාල්මිකී කවරෙක්ද මා දුෂ්ටයෙකු කරනට
මා පෙම් කල එකම ලඳ ඔබ වූ කල
කිමෙකටද සිතාවන්ගේ පහස මා හට
විභීෂණ මා සොයුරු රජ කමට
මා පාවා නොදුන්නානම් රාමාට
එන්නට තිබුණි මට ජය ගෙන ඔබ වෙතට
නැහැ මියයන්නේ මගේ දරුවන් කිසි දිනක
එතරම් පෙම් කළා නම් රාමා සීතාට
නැහැ හැර යන්නේ ඇය රාමව කිසි දිනක
උත්තම පුරුෂයෙකු නොව ඔහු කියනලෙස
දුටුවද ඔහුට තනි වන්නට වුන අයුරු
ඔබ හා විභීෂණ සරණ කරන්නට
රාමා කවරෙක්ද අණ කරන්නට
සරදම් සිනාවක් නැගේ මගේ මුවට
මන්දෝදරී ඉවසාපන් මගේ සොඳුර
by VimarshanaS
by VimarshanaS

No comments:
Post a Comment