Friday, October 12, 2018

මම කවුද ?

මා නොවන මම..

මම අන්තිමට හොයා ගත්තා, මම කියල කෙනෙක් නැහැ කියලා. මේ ජිවිත කාලෙම මම ගත කරලා තියෙන්නේ අනික් අය කියපු විදියට. ඒ කිසිම තැනක මම කියල කෙනෙක් නැහැ. මම හිතාන හිටියට අන්තිමට කිසිම තැනක මම නැහැ. මේ ලෝකේ මම කැමති, අකමැති මොනවටද ඒ කිසිම දෙකින් කාටවත් වැඩක් නැහැ. මම නොවන සියලු දෙනා මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ? මම අද ඉන්නේ එතන. මේ සමාජය මගෙන් බලාපොරොත්තු වෙන දේ කීකරු හොඳ ළමයෙක් කියන තැන.

එත් ජිවිතේ කොහේ හරි වරද්ද ගත්ත වගේ දැනෙන්නේ. ඒ මම මගේ ගැන සැහීමකට පත් නොවන නිසා. මම අද ඉන්නේ කොතනද ? ඒ මම කැමති මමද ? මට අනුව මේ මම නෙමේ. මිනිස්සු මගෙන් බලාපොරොත්තු වන මම. මේ වෙසමුණ ගැලවුණු දවසට, මගේ ඇතුලේ ඉන්න කළු චරිතේ එලියට ආපු දවසට මම දන්නේ නැහැ මම කොතන ඉදිද කියල. මේ තරම් කාලයක් ජිවත් වුනත් මම මාව හොයා ගන්න තාම බැරිවුණා. මේ තමයි ඇත්ත මම, මුළු සමාජයක් ඉස්සරහ මාව හොයා ගන්න බැරුව අතරමන් වුන.

හීන මිනිස්සුන්ව ජිවත් කරනවා නම් ඇයි මගේ හීන වලට මගේ ජිවිතේ ඉඩක් නැත්තේ. මන් කොච්චර මහන්සි වෙලා වැඩ කලත්, හැම තැනකදීම මම වරද්ද ගන්නවා. මගේ ජිවිතේ පසුබැසීම් ඇරුනම ඉදිරියට එන පාරක් පෙන තෙක් මානෙක නැහැ. ඒ අවසනවද දන්නේ නැහැ. මගේ වයසේ සමහරු ලොකු රස්සාවල, සමහරු කසාදත් බැඳලා. එත් මම තාම හැබෑ කර ගන්න බැරි හීනයක් පස්සේ යනවා. හීන දකින එක හොද ඇති එත් මම දකින මේ හීනෙ දිග වැඩියි. ඇහැරෙන්න කාලය හරි කියල දැනුනත් තව ටිකක් ඉවසමු කියල හිතෙන්නේ. තව කොච්චර කල් ඉවසන්නද. මිනිස්සු කියන විදියට මට වැඩි කල් නැහැ. එත් හදිස්සි වෙලා කිසි දෙයක් කරන්න මම කැමති නැහැ. මම එහෙමයි.

එත් දැන් වෙසමුණ ගලවන්න කාලය ඇවිත්. මේ මගේ ජිවිතේ. මම ජිවත් වෙන්න ඔනී මට ඕනේ විදියට. හරි හෝ වැරදි තමන් තෘප්තිමත් වෙන්නේ නැත්තන් තමන් ගැන ඇයි එහෙම ජිවිතයක් ගත කරන්නේ. අනික් අය වෙනුවෙන්ද ? එයාල කවද හරි අපේ ජීවිතෙන් ගිය දවසට මම මොකද කරන්නේ ? අද වෙනකන් මම මාව පාලනය කරන්න අනික් අයගේ සිතුවිලි වලට ඉඩ දුන්න එත් මේ හීනෙන් අවදි වෙන්න කාලය හරි. මම කීකරු හොඳ ළමයෙක් කියන චරිතෙන් මිදිලා මට ඕනේ විදියට ජිවත් වුනොත් මිනිස්සු මාව ප්‍රතික්ෂේප කරයිද ? එහෙම කලත් මට මොකද ? මේ මගේ ජීවිතය නේද ? හිතට අවංකව ජිවත් වුනොත් එක වැරද්දක්ද ? අනේ මන්ද. එත් මම තීරණයක් ගත්තා. මම නොවන මගෙන් අයින් වෙන්න. මගේ නිදහස මගේ ජිවිතේ සැනසීම
හොයන යන්න.




by VimarshanaS

No comments:

Post a Comment