Wednesday, March 9, 2016

මාරක රිය අනතුර සිදු වූ කහඉරට සංඥා එළි...

දෙමටගොඩ බේස්ලයින් පාරේ මාරක රිය අනතුර සිදු වූ කහ ඉර දෙපසට සංඥා එළි සවි කිරීමට පසුගිය බලධාරීන් පියවර ගෙන තිබුණි. ඒ ඉකුත් 25 වැනි සඳුදා යි. නමුත් එය සවිකර දින දෙකක් යාමට මත්තෙන් ඉන් එක් පසෙක සංඥා එළියක් හරිහැටි වැඩ නොකරන බව ප්‍රදේශවාසීන් පවසයි. රාතී්‍ර කාලයේදී කහඉර දර්ශනය නොවීමේ සම්භාවිතාවක් පවතින බැවින් මේ කහඉර දෙපසට සංඥා එළි සවිකරන ලෙස ප්‍රදේශවාසීන් දෙමටගොඩ පොලිසියෙන් ඉල්ලා ඇත්තේ මීට වසර තුනක පමණ පෙර සිටයි. නමුත් මෙවැනි මාරක රිය අනතුරක් වන තුරුම බලධාරීන් ඒ සඳහා නිසි පියවරක් නොගත් බව ප්‍රදේශවාසීන් බලධාරීන් වෙත එල්ල කරන ප්‍රබල චෝදනාවක් වේ. නමුත් ජනවාරි 16 වනදා සිදු වූ රිය අනතුරට මේ කහඉර දර්ශනය නොවීම එක් හේතුවක් වූ නමුත් එය මෙහි ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය නොහැක. රාතී්‍ර ආහාරය සඳහා කෑම පාර්සලයක්ද රැගෙන නිවස බලා ගමන් කරමින් සිටි මවක හා දියණියක කහඉර මතදී මේ අවාසනාවන්ත ඉරණමට ගොඳුරු විය. මියගොස් තිබුනේ 47 හැවිරිදි වීරසිංහ ආරච්චිලාගේ අනුලා සහ 10 හැවිරිදි සමාධි රශ්මිකා නැමැති ඇගේ දියණියයි. ඒ 15 හැවිරිදි ජාත්‍යන්තර පාසලක සිසුවෙකු විසින් පදවන ලද මෝටර් රියකට යට වීමෙනි. මෝටර් රථය පැදවූ 15 හැවිරිදි සිසුවාගේ පියා ව්‍යාපාරික කටයුත්තක් සඳහා විදේශ ගතවී ඇති අතර ඔහු සිය මෝටර් රථය නිවසේ තබා යතුර බිරිඳ වෙත දී ඇත. පසුව බිරිඳ බඩු මිලදී ගැනීම සඳහා දෙමටගොඩ පිහිටි සුපිරි වෙළඳසැළකට යාමට වාහනය පදවන ලෙස සැකකාර දරුවාට පවසා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිව ඇත. මේ රිය අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන තවත් කරුණක් වන්නේ මියගිය මවගේ තනපටයේ තිබී සොයා ගත් බවට පැවසෙන කුඩු පැකට් පිළිබඳවයි. සිද්ධිය වූ අවස්ථාවේ මවගේ මළ සිරුර රැගෙන රෝහලට ආ පුද්ගලයෙක් " මෙන්න බඩු තියෙනවා.. මෙන්න බඩු තියෙනවා.. " යැයි කෑ ගැසූ බව පැවසෙන අතර එA සමඟම රෝහල් සේවකයන් එතැනට පැමිණ එA කුඩු පැකට් රෝහල් පොලිසියට බාර දුන් බව කියවේ. කෙසේ වෙතත් මේ ඛෙහෙත් කුඩු පැකට් බව මියගිය මවගේ ඥාතීන් පවසා ඇත. ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු දෙමටගොඩ පොලිසිය මඟින් මෙහෙයවනු ලබයි.

by VimarshanaS
     

No comments:

Post a Comment