Thursday, July 9, 2015

දිරිය මිනිසෙක්..



ජිවිත අරගලය වෙනුවෙන් ජිවත් වන දිරිය මිනිසුන් සමාජයේ අඩු වැඩි වශයෙන් සිටි. එවන් මිනිසුන් සොයා ගිය ගමනේ අප වෙත හමු වූ දිරිය මිනිසෙකු පිලිබදව මෙලෙස සටහන් තබන්නෙමු.

දැඩි හිරු රශ්මිය මහපොලව මත පතිත වෙද්දී නාවල මාවත දිගේ අපි ඉදිරියට ඇවිද ගියෙමු. නාරාහේන්පිට සතරමන්සන්දියේ එහාට පසෙකට වන්නට ඇති බුදු පිළිමය අසල සිටි පුද්ගලයෙකු දෙස අපගේ නෙත් නෙත් නතර වුයේ ඉබේටම වාගෙය. ඔහු අප දෙස බලා හෙලු සුන්දර සිනහව අපව සුහද සිතින් පිළිගත්තාක් වැනි හැගීමක් අපගේ සිතට දැනිණි. එහෙයින් ඔහුත් සමග මොහොතක් කතා කිරීමට සිතුනි. ඉතා සරල ගති පැවතුම් ඇති ඔහු නමින් කුමාරසේන විය. හිසට සෙවනක් වන ලෙසට පමණක් ලාලි කිහිපයක් මත කාඩ්බෝඩ් පියනක් තබාගෙන තම වෙලදාම් කටයුතු කරගෙන යයි. කුමාරසේන මහතාගේ වෙළදාම බුලත්විට සාදා විකිණීමයි. වයස අවුරුදු හැටක් පමණ වුවත් තම වයසට අබියෝග කරමින් ඔහු තම වෙලදාම් කටයුතු ඉතා අපුරුවට කරගෙන යන්නේය.


ඔහු මීට ප්‍රථම නාරාහේන්පිට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ තාක්ෂණික අංශයේ නිලදාරියෙකු ලෙස සේවය කර ඉන් විශ්‍රාම ගොස් සීටී. තම විශ්‍රාම ජීවිතය නිකරුනේ නාස්ති නොකර තමන්ගේම ආදායමක් වෙනුවෙන් බුලත් විට සාදා විකුනන්නේය.

පූගොඩ ප්‍රදේශයේ  පදිංචි මොහුගේ පවුලේ බිරිද හා දියණියන් තිදෙනෙකු සමන්විතය. බිරිද හා දියණියන් තිදෙනාගෙන්ද මෙයට උපකාරයක් වන බැවිද ඔහු අප සමග පැවසීමට අමතක නොකළේය.

එමෙන්ම බුලත් විට සාදා ගැනීමට ගන්නා බුලත් තමාගේම බුලත් වගා කොටුවෙන් ගන්නා බව අපට කියා සිටියේ තරමක නිහතමානි ආඩම්බර කමකින් යුතුවය. අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගන්නා බවද පවසා සිටියීය.

වසර විස්සක සිට මෙම රැකියාවේ නිරත වන බවද ඔහු කියා සිටියේය. මෙවන් දිරිය මිනිසුන් අප බොහෝ සෙයින් අගය කල යුතුය.   


by VimarshanaS

No comments:

Post a Comment