Tuesday, July 14, 2015

අලුත් යාළුවා..

ජිවිතයේ අපට මුණ ගැසෙන නොයෙක් පුද්ගලයන් අතර යහළුවන් අපට සෑම මොහොහකම ඉතා සමීප වන පිරිසකි. යහළුවන් විවිදාකාරය. ඔවුන් සියයට සියයක්ම අපට ගැලපෙනවා යැයි සිතිය නොහැක. නමුත් බොහෝ දෙනෙකුට සමාන ගති ලක්ෂණ හිමි වීමත් එසේ හිමි වූ පුද්ගලයන් එකට මුණ ගැසීම අහම්බෙන් සිදුවනවාද කවුරුන් හෝ නොපෙනෙන බලවේගයක් සිදු කරනවාදැයි කිසිවෙකුට කිව හැකි නොවේ.

බාහිර පෙනුමින් මිටි තරමක් තරබාරු අදුරු සමක් ඇති ඇය ගතිගුණ අතින් පෙනුමට වඩා හාත්පසින්ම වෙනස් වුවකි. ඇය බොහෝ සෙයින් නිෂබ්දතාවයට ප්‍රිය කරනවා මෙන්ම සාමාන්‍ය ගති පැවතුම් වලින් යුක්තය. වයසින්  මට වඩා ඉදිරියෙන් සිටින නමුදු හැසිරීමෙන් මා හා සම වයසේ කෙනෙකු මෙන්ය. වගකීම් දැරීමේ හැකියාවක් මෙන්ම යමෙකුට නොදන්නා යම් දෙයක් තේරුම් කර දීමටද ඇය තම උපරිමය යොදන බව නම් නොරහසකි.

මා විද්‍යාලයට ඇතුළු වන විට මින් පෙර ඇයව හදුනා නොසිටි නමුදු කතා බහ කල පළමු දිනයේම යහපත් ආශ්‍රයක් ගොඩ නගා ගැනීමට හැකිවිය. තම අදහස් සෘජුවම කීමට මෙන්ම අන් අයගේ අදහස්ද සැලකිල්ලට ගනිමින් මද්‍යස්ථ ලෙස යමක් දෙස බැලීමට ඇයට හැකිය. සියලු දෙනා සමග ඇසුරු කරමින් සුහදශීලිව සිටියද බොහෝ විට ඇය හුදෙකලාව සිටීමට කැමැත්තක් දක්වයි.

ඇය සියයට සියයක්ම අංගසම්පුර්ණ පුද්ගලයෙකු නොවන නමුත් ආශ්‍රය කිරීමට තරම් යහපත් ගති පැවතුම් ඇත්තියකි. මෙතෙක් මා සදහන් කළ ඇගේ නම උදේනි ජයන්තිය.


by VimarshanaS

No comments:

Post a Comment