Wednesday, July 8, 2015

නිදි දෙවුදු..

නිදා ගැනීම මගේ කැමතිම ක්‍රියාවයි. මොකද නින්ද තරම් සැනසුමක් මට නම් වෙන කොහිවත් නොමැති
තරම්ය. කිසිම හැගීමක් නොදැනෙන, කිසි සිතිවිල්ලක් හිතට ගලා නොඑන එකම සැනසිලිදායක මොහොත මා නිදා ගන්නා අවස්තාවයි. මා වැඩිපුරම ගැවසෙන්නේ මගේ කාමරය තුලයි. ඒ නිවසේ වෙන තැන නොමැති නිසා නොව මට මගේ පාඩුවේ සිටිය හැකි නිසාය.

අම්මා නම් පොඩ්ඩක් වත් මගේ දින චර්යාවට කැමති නැත. මගේ කාමරය ගෙදර මිනිස්සුන්ට නම් ගල් ගුහාවක් බදුය. නමුත් මට එය සුර පුරයකි. මගේ කාමරයේ ඇති පොත් රාක්කය මම අවුරුදු ගණනාවක් තිස්සේ මම ඇසුරු කල වුන් තවමත් පරිස්සම් කරමින් සිටි. ඒ අන් කවරෙක්වත් නොව මා කියවූ පොත් පත්ය. මට පන ඇති මිනිසුන් ඇසුරු කිරීමට අවස්තාව නොලැබුනද මා ඇසුරු කල නොකළ බොහෝ දෙනෙකු මේ පොත් වල ජිවත් වේ. මා මිනිසුන් හා ඔවුන්ගේ විවිදත්වය උන්නේ මේ පොත පතිනි.

පොත් කියවීම මා හමුවේ ඇති එකම විනොදාශ්වාදයි. කවරෙකු හෝ මගේ මේ කතාව  අසු විට මට අමුතු ලෙඩක් සෑදී ඇති බව නොකීවොත් එය සිනහවට කරුණකි. නමුත් මම මගේ ජිවිතයට කැමතිය. එත් කිසිවක් නොකර සිටීම මට රුචි නොවේ. මා තෝරා ගත්තේ මගේ චරිතයට පරස්පර විරෝදී රැකියාවකි. ඒ මට ඒ රැකියාවට තිබු ආසාව නිසා නොව. මට මගේ ඒකාකාරී දින චර්යාවෙන් මිදීමට බොහෝ අවශ්‍ය වූ බැවිනි.

එනම් මා ගේ අලස ජීවිතය අත්හැරීමට  මා තෝරාගත් ගමන්මග මට හැගෙන ලෙස දිගු  නින්දකට වැටි සිටි නිදි දෙවගන නින්දෙන් මුදවා ගැනීමට පැමිණි කුමාරයෙක් බදුය.


by VimarshanaS

No comments:

Post a Comment