සිසුන්ට එල්ල කල චෝදනා සම්බන්ධව ප්‍රසිද්ධ සංවාදයකට එන්න...
විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව විසින් අපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනයට අභියෝග කරයි...
දින නියමයක් නොමැතිව විවෘත විශ්වවිද්‍යාලය වසා දැමීම හා විවෘත විශ්වවිද්‍යාලය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂය එකමුතුව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත විය. මෙම විරෝධතාව පැය කෙකට ආසන්න කාලයක් පුරා පැවතිණි.
2016 පළමු මස 22 දා සිට වසා දමා ඇති විවෘත විශ්වවිද්‍යාලය නැවත පෙබරවාරි 26 වන දින විවෘත කරන බවට එහි අධ්‍යාපන කටයුතු හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැනුම් දී ඇත. විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා පරිපාලනය අතර ගැටුම් ඇතිවීමට මූලික හේතුව වූයේ විශ්ව විද්‍යාල ගාස්තු සියයට 120 න් ඉහල දැමීමට ගත් තීරණයයි.
අද දියත් කරන ලද විරෝධතාවයේ ඉල්ලීම වූයේ විවෘත විශ්වවිද්‍යාලය වහාම විවෘත කර විශ්ව විද්‍යාලය තුල අධ්‍යාපනය මුදලට විකිණීමේ කුමන්ත්‍රණය නතර කිරීම බව විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුවේ කැදවුම්කරු අමිල සඳරුවන් පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ක්ෂණික තීරණයක් මගින් විවෘත විශ්වවිද්‍යෘල්‍ය වසා දැමීමට පරිපාලනයට හැකි නම් එය විවෘත කිරීමට මෙතරම් ප්‍රමාද වීම ඔවුන්ට පිළිගත නොහැකි බවයි. බලදාරීන්ට පැහැදිලි දවසක් ලබා දීමට නොහැකි නම් සටන් කි්‍රයා මාර්ග මගින් හෝ දොරටුව විවෘත කරන දිනය උදාකරගන්නා බවත් සිසුන්ගේ සෑම ජයග්‍රහනයක්ම රැදී තිබුනේ සිසු අරගලය මත බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
පරිපාලනය සිසුන්ට එල්ල කල සියලූ වෝදනා සාවද්‍ය මෙන්ම එම ප්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් මේ චෝදනා සම්බන්ධව ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන ලෙස උප කුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනයට විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව වශයෙන් අභියෝග කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීයග
by VimarshanaS
by VimarshanaS
No comments:
Post a Comment