Thursday, February 25, 2016

හොල්මන් සහ Driving.. ''රෑට ත්‍රීවිල් වැටෙන දෙමටගොඩ කුණු ඇළ''



''අම්මෝ... මම නම් ඔය පාරෙන් රෑට යන්නේ නැහැ. ඕක මහ භූත පාරක්...''
මා ජීවත් වන ප්‍රදේශයේ ඇති පාරක් ගැන නිතර අසන්නට ලැඛෙන කතාවකි ඔය. භූතයන්, පෙරේතයන්, යක්කු, දෙවිවරු මෙකී නොකී අය අපගේ ජීවිත සමඟ ගණුදෙනු කරන බව පොදු මකයක් වුවත් එහි සත්‍යය අසත්‍යයතාව පුද්ගලයා මත පදනම් වේ. නමුත් මා මේ පවසන මාර්ගය පාළු කැලයක් මැද නොවේ. දෙනෝදාහක් උදේ හවා ගමන් ගන්නා ලංකාවේ ඉතා ප්‍රසිද්ධ නගරයක ජනාකීර්ණ පෙදෙසකයි. මේ මාර්ගය වැටී ඇත්තේ ඇළ මාර්ගයක් සහ ගව ඝාතකාගාරයක් මැදිනි. මහා පාරේ සිට කුඩා බෑවුමක් හා බෑවුම අවසන් වීමේදී පොඩි වංගුවක් ද ඇති මේ පාර ගැන නොදන්නා අය රාත්‍රියේදී  ගමන් කිරීමේදී අකරතැබ්බ වලට මුහුණදීම සාමාන්‍යයක් ලෙස සිතිය හැක. නමුත් උදේ හවා මෙහි ගමන්කරන මිනිසුන්ට වරදින එක පුදුමයකි. රාත්‍රියට මාර්ගය අපහැදිලිද නොවේ. අකරතැබ්බ යැයි මා අදහස් කළේ වාහනය පාලනය කරගත නොහැකිව ඇළ මාර්ගය තුලට වැටීමයි. බීමතින් රිය පදවාගෙන පැමිණෙන්නෙකු  ඇළ මාර්ගයට වැටුණත් එය සාමාන්‍යය දෙයක් ලෙස සලකා ගණන් නොගෙන සිටිය හැක. නමුත් ඔවුන් පවසන්නේ වෙනත් දෙයකි. එනම් කොතරම් හොඳින් සිහිබුද්ධියෙන් වාහනය ධාවනය කළත් ගව ඝාතකාගාරය ඉදිරියෙන් ගමන් ගන්නා විට කවුරුන් හෝ වාහනය ඇළ මාර්ගය දෙසට අදින බවක් ඔවුන්ට දැනෙන බවයි. එනම් වාහනය ඇළ මාර්ගය තුළට ඇදගෙන යන බවකි. ඔවුන්ගේ මතය අනුව මෙම ඇද වැටීම සෑම විටම සිදුවන්නේ ගව ඝාතකාගාරයේ මරණ සතුන්ගේ අපද්‍රව්‍ය සියල්ල ඇළ මාර්ගයට මුදා හරින කාණුකට අසලයි. එනම් හරියටම ගව ඝාතකාගාරය ඉදිරිපිටිනි. මේ ප්‍රදේශයේ මිනිසුන් පවා මේ මාර්ගයේ රෑට ගමන් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන් ලැබූ සැබෑ අත්දැකීම් හේතුවෙනි. හොල්මන් සිටී මේ ඔවුන්ගේ බලපෑමක් යැයි එකහෙලා පැවසීමට නොහැකි වුවත් ඔවුන්ගේ අත්දැකීම් ප්‍රතික්ෂේප කිරීමටද නොහැකිය. එසේ පැවසීමට හේතුව වන්නේ ගව ඝාතකාගාරයේ එළුවන්, ඌරන්, හරකුන් මරන්නේ සුන්දර ලෙස නොවේ. ඒ මරණ සතුන්ට දහසකුත් වේදනා දීමෙනි. මෙසේ මැරෙන සතුන්ගේ කෑ ගැසීම්, වේදනාවන්, රුධිරය ඒ අවට පරිසරයට නිතර මුසුවේ. අමිහිිරි දේවල් නිතර සිදුවෙන තැනක හොල්මන් නැතත් අත්භූත බවක් නොතිබේයැයි නිගමනය කළ නොහැක. එනම් ඒ අවට පරිසරය එසේ හැඩගැසී ඇති බැවිනි.


by VimarshanaS

No comments:

Post a Comment